මගේ blog අඩවියේ මුලින්ම ඔබේ දැනුමට හාඩ්වෙයා ගැන ටිකක් කතා කරන්න කියලා හිතුවා.. අද ටිකක් කතා කරත් ඉස්සරහට විවේක ලැබෙන විදියට හාඩ්වෙයා ගැන ගොඩක් දේවල් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා.. ඉතින් ඉදිරියට යන්න ඔබේ අදහස් අනිවාර්යයෙන්ම අපට වැදගත්. මේ ලිපිය කියවලා ඔබේ අදහසත් පොඩි සටහනක් තියලා යන්න..
Computer Motherboard - පරිගණක මව්පුවරුව
Motherboard එකක අඩංගු කොටස්
++ PCI Express 16x slots
මවු පුවරුවට graphics card සවිකිරීමට බහුලව යොදා ගන්නා slot එක PCI Express ය.. PCI Express 16x slots වල lane 16 ක් ඔස්සේ දත්ත හුවමාරුව සිදු වේ.
PCI express 1.0 slots සදහා දත්ත හුවමාරු වේගය (data transfer rate) — 250MB/s
PCI express 2.0 slots සදහා දත්ත හුවමාරු වේගය 500 MB/s
PCI express 3.0 slots සදහා දත්ත හුවමාරු වේගය 1GB/s
++ PCI Express 1x Slot
මේවායේ දත්ත හුවමාරුව සදහා ඇත්තේ තනි lane එකක් පමණි. Graphics card හැරුණු විට වෙනත් expansion cards සවි කිරීමට මෙම slot එක යොදා ගැනේ.
උදා:- tv card , network card , sound card
Graphics card සදහා නම් මෙම slot එක හරහා සිදුවන දත්ත හුවමාරුව ප්‍රමාණවත් නොවේ. විශාලත්වයෙන් මෙම slot එක PCI Express 16x slot එකට වඩා අඩුය.
++ Motherboard Battery
පරිගනකය ක්‍රියාත්මක නොවන අවස්ථාවල දිනය,වේලාව වැනි යම් යම් තොරතුරු අඛන්ඩව පවත්වා ගැනීම සදහා බලය ලබා දෙන්නේ මවු පුවරු බැටරියයි. එබැවින් පරිගනකය ක්‍රියාත්මක කරන එක් එක් අවස්ථාවල දිනය නැවත නැවත සකස් කිරීම අවශ්‍ය වන්නේ නොවේ. බැටරිය ඉවත් කිරීමෙන් මීට පෙර සකසා ඇති BIOS settings සම්පූර්ණයෙන් වෙනස් වන අතර නිවැරදි ලෙස බැටරිය සවි නොකිරීමෙන් පරිගනකයට විශාල හානියක් විය හැක. සාමාන්‍යයෙන් මෙම බැටරිය ලෙස ආයු කාලය වැඩි ලිතියම් බැටරියක් යොදා ගැනේ.
++ IDE connector & Serial ATA Connector
මීට පෙර පැමිණි පරිගනකවල hard disks, CD Drives හා DVD Drives මවු පුවරුව සමග සම්බන්ධ කලේ IDE Connector එකක් ආධාරයෙන් වන අතර නවීන SATA Connector ඊට වඩා වේගවත් ය. මෙයට සම්බන්ධ වන cable එක පවා වඩාත් සිහින් වන අතර එමගින් System unit එක තුල පහසුවෙන් වාතය හුවාමාරු වීමට ඉඩ සැලසිය හැක.
අදට මේ ඇති වගේ. ඊළඟ ලිපියෙන් cpu socket වර්ග ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා... ඔබේ අදහසත් කියලම යන්න...
0 comments :
Post a Comment