Tuesday, May 20, 2014

COMPUTER HARDWARE 03 - Computer Case

මෙවර ලිපියෙන් අපි Computer Case එක ගැන කතා කරමු.

ප්‍රධාන වර්ග දෙකකින් desktop and tower වශයෙන් පරිගණක ආවරණ දෙකක් දැකිය හැකිය. තිරස් අතට තැබිය යුතු පරිගණක desktop model ලෙස හදුනවන අතර සුලබව දැකිය හැකි සිරස්ව තබන පරිගණක tower model එකට අයිති වේ. මෙම කොටස් දෙකේම ආවරණ (case) තවත් කොටස් දෙකකට බෙදෙනවා ඒ mini and full වශයෙනි

පරිගණක ආවරණයක් මිළදී ගැනීමේදී සැලකිය යුතු කරුණු.

The size of the motherboard (ප්‍රධාන පරිපථ පුවරුවේ ප්‍රමාණය)

   case එක අනිවාර්යෙන්ම සවිකිරීමට බලාපෙරොත්තු වන motherboard එකේ ප්‍රමණය හා සමාන විය යුතුයි.

The number of external or internal drive bays (ඇතුලත හා පිටත පවතින රැදවුම් රාක්ක)

  Case එක තුල පවතින bays එහෙම නැතිනම උපාංග සවිකිරීම සඳහා ඇති රාක්ක ප්‍රමාණය අපගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත්ද? ඉදිරියේදි නව උපාංග සවිකිරීමට අවශ්‍යවුවහොත් ඒ සඳහා අමතර bays පවතිනවාද යන්න සැලකිය යුතු කරුණක්

Available space (රැදවීම සඳහා අවශ්‍යවන ඉඩ ප්‍රමාණය)

    Case එකේ ප්‍රමාණය මධ්‍යස්ත ප්‍රමාණයකින් යුතුවිම සුදුසුය.  වඩා විශාල case එකක් සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍යවනවා වගේම හදිසියකදී අළුත්වැඩායාවන් වැනි කටයුත්තකට පරිගණකය රැගෙන යාමට සිදුවන අවස්ථාවකදී එයින් අපහසුතා ඇති වේ, එමෙන්ම කුඩාම ප්‍රමාණයේ ආවරණයක් ලබාගතහොත් පසු කාලිනව පරිගණකයට අමතර උපාංග එකතු කිරීමේදි ඉඩකඩ ප්‍රමාණවත් නොවීමෙන් ඔබ අපහසුතාවයකට පත්විය හැකිය. ඒ වගේම ඉතා කිට්ටුවෙන් උපාංග සවිකිරීමට සිදුවීම නිසා අනවශ්‍ය ලෙස යන්ත්‍රය අධිකව රත්වීම සිදුවී උපකරණවලට හානි සිදුවිය හැකියි.

       මෙයට අමතරව භාහිර අලාංකාරය, case එකෙහි ශක්තිමත්භාවය , front panel එකෙහි පවතින usb හා වෙනත් port ප්‍රමණයන් වැනි දේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.case එකේහි පවතින වා කවුළු (air vent) ප්‍රමාණය පිළිබදව සැලකැලිමත් වීමත් අත්‍යවශ්‍ය කරුණක් පරිගණකය ක්‍රියාත්මක වීමේදී ඇතුලත රැස්වන අධික තාපය කූලින් පෑන් හරහා ඉවත් කිරීමට case එකෙහි පවතින වා කවුළු ඉතා වැදගත් වේ.

0 comments :

Post a Comment