කලින් ලිපියෙන් අපි Motherboard එක ගැන ටිකක් කතා කරා. මේ ලිපියෙන් අපි බලමු Motherboard එකක් මිලදී ගැනීමේදී අවධානය යොමු කළයුතු කරුණු ගැන.
+ Size :
ඔබ තෝරාගන්නා case එක අනුව තමයි motherboard එකේ size එක ප්‍රශ්නයක් වෙන්නේ. ඔබ එකලස් කරන්නට යන පරිගණකය සදහා ඔබ තෝරාගන්නා case එක සාමාන්‍ය විශාල ප්‍රමාණයේ motherboards වලට support කරනවා නම් මෙය ප්‍රශ්නයක් නෙවෙයි.
+ Expansion Slots :
Graphics rendering අවශ්‍ය නොවන සාමාන්‍ය පරිගණකයකට (low end PC) motherboard එකක් ගන්නා විට integrated graphics සහිත motherboard එකක් තෝරාගැනීම සුදුසුය. එසේ නැතිනම් gaming rig එකක් හෝ workstation එකක් නම් multiple GPUs (එකකට වඩා PCI Express slot සහ SLI හෝ CrossfireX ready) support කරන motherboard එකක් තෝරාගැනීම සුදුසුය.
+ Connectivity :
සමහර devices පරිගණකයට සම්බන්ද වෙන්නේ SATA interface එක මගිනි. (උදාහරණ: HDD, SSD, Optical Drive) ඒ වගේම දැන් මේ devices වල standard එක SATA III. ඒ වගේම USB 3.0 හා FireWire, E-SATA හෝ HDMI(integrated graphics සදහා) වැනි connectors පිළිබඳවත් අවදානය යොමු කල යුතුයි.
+ Hardware Compatibility :
මෙහිදී කියවෙන්නේ CPU, video card හා RAM වැනි motherboard එකට සවි කරන hardware devices ගැනයි. CPU එකේ socket එකට සහය දක්වන motherboard එක තෝරාගත යුතුයි.
multiple GPUs භාවිතා නොවන්නේ නම් PCI Express 16x slots එකකට වඩා motherboard එකේ අවශ්‍ය නොවේ. Video card වල අලුත්ම තාක්ෂනය තමයි PCI Express 3.0 , නමුත් මේ තාක්ෂනය සහය දක්වන්නේනේ Intel Processors සදහා පමණයි.
Ram Slot අවශ්‍ය ප්‍රමාණය, අවශ්‍ය වන්නේ DDR 1 ද DDR11 ද ආදී වශයෙන් සලකා බැලිය යුතුය
+ Other Features
නවීන high end motherboards වල විවිධ වූ අමතර features දැකිය හැක. උදාහරණයක් වශයෙන් ඇතැම් motherboards වල Bluetooth හා Wi-Fi තිබෙනවා. තවදුරටත් chipset හා chips සදහා විශාල heatsinks, Integrated high fidelity audio හා gigabit LAN වැනි බොහොමයක් features දැකිය හැකිය.
Motherboard එකක් මිලදී ගැනීමේදී මේ සියළු කරුණු පිළිබඳව සැලකිලිමත් වීමෙන් සුදුසුම උපාංගය තෝරා ගත හැකිය.
තවත් තාක්ෂණික ලිපියකින් හමු වෙමු. ඔබේ අදහස් අපට ශක්තියක්...